කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
දෙවියන්වහන්සේගේ හඬ/ ගීතාවලිය 78
ඉශ්රායෙල් වරුන්ගේ කථාන්තරය සිහිකරවාදීම.
"එම්බා මාගේ සෙනග, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචන වලට කන් යොමු කරව්. උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ දැනගත්තාවූ, අපේ පියවරුන් අපට කියා දුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි.
අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කල ආශ්චයිර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමු. එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්රායෙල් හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළ සේක.
මෙසේ කළේ; එන්නාවූ පරම්පරාව, එනම් උපදින්නට සිටින දරුවන් ඒවා දැනගෙන, මතුව පැමිණෙන තම ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,
තමුන්ගේ විශ්වාසය දෙවියන්වහසේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට,
උන්වහන්සේගේ අඥා රක්ෂා කරන පිණිසත්,
මුරන්ඩු කැරලිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟ කර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි, ඔවුන්ගේ පිය වරුන් මෙන් නොවන පිණිසත්ය.
යුද්දයට සැරසී දුණු ගත් එප්‍රයිම් පුත්‍රයෝ, සටන් දවසේදී පස්සට හැරුනෝය. ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය. උන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නට නොකැමැති වුවෝය. උන්වහසේ කළ දේද, උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්යමත් ක්‍රියාද ඔවුහු මතක නැති කලෝය.
උන්වහන්සේ මිෂර දේශයෙහි යෝවාස් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුයෙහි පුදුමදේ කළේය. උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්නට සැලැස්වූ සේක. උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවූ සේක. දවාලේ වලාකුලකින්ද, මුළු රෑ ගිනි එලියකින්ද, උන්වහන්සේ ඔවුහු ගෙනගිය සේක.
වනාන්තරයේදී පර්වත පලා ගැඹුරු ලිංවලින් මෙන් බොහෝ කොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක. පර්වතයෙන් දියපාරවල් නගා ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූ සේක. එහෙත් ඔවුහු කාන්තාරයේදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තවත් පව්කළෝය.
තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරික්ෂා කළෝය.
එසේය ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධව කථා කරමින්, වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්නට දෙවියන්වහන්සේට පුළුවන්ද? රොටී දෙන්නට හැකි සේක්ද? ස්වකිය සෙනගට මාංශ සපයා දෙන සේක්දැයි? කීවෝය.
එබැවින් උන්වහන්සේ එය අසා උදහස් වුසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවිලූණෝය. ඉශ්රායෙල් ට විරුද්ධව කෝපයද නැංගේය. මක්නිසාද ඔවුහු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය. උන්වහන්සේ ගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.
එසේවුවත් උන්වහන්සේ ඉහලින් ආකාශයට අණකොට ස්වර්ගයේ දොරවල් ඇරිය සේක. කෑම පිණිස “මන්නා” වස්සවමින් ස්වර්ගීය කෑම ඔවුන්ට දුන්සේක. මනුෂ්‍යයා දුතයන්ගේ කෑම කෑවේය. සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට දුන්සේක. එසේම උන්වහන්සේ අහසෙහි පෙරදිග හුළඟ හමන්නට සැලැස්වූ සේක. උන්වහන්සේ ධුලි මෙන් මාංශ ද මුහුදු වැලිමෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සවූ සේක. එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුරු මැදට හෙලුසේක.
බලව, උන්වහන්සේ පර්වතයට ගැසුකළ ජලය වගුරුණේය. දිය පාරවල් ගලාගෙන ගියේය. ඔවුහු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය. ඔවුන් අශාවූ දේ උන්වහන්සේ ඔවුන්ට දුන්සේක. ඔවුන්ගේ ආශාව සන්සිදෙන්නට ප්‍රථම, කෑම ඔවුන්ගේ කටේ තියෙද්දීම, දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුගේ ඉතාමත් පෘෂ්ඨිමත් වුවන් නසා, ඉශ්රායෙල් ගේ තරුණයන්ට පහර දුන්සේක.
මේ සියල්ල සිදුවුවත්, ඔවුහු තවත් පව් කලෝය. උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා විශ්වාස නොකළෝය. එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵල කමින්ද, ඔවුන්ගේ අවරුදු භිතියෙන්ද, ගෙවන්නට සැලැස්වූ සේක.
උන්වහන්සේ ඔවුන් මැරූ කල, ඔවුහු උන්වහන්සේ ගැන විචාලෝය. ඔව්හු හැරී අප්‍රමාදව, දෙවියන්වහන්සේ සෙවූවෝය. දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත්, මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම් කාරයානන් බවත් ඔව්හු සිහිකලෝය.
නුමුත් ඔවුන් කටින් උන්වහන්සේට චාටු කළෝය. දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය. මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවිය. උන්වහන්සේගේ ගිවිසුමට ඔවුහු විශ්වාසව නොසිටියෝය.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම පහ කළසේක. ඔවුන් විනාශ නොකළසේක. එසේය උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවතට හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්නට නුදුන්සේක. ඔවුන් මාංශමය බවත්, පහව යන්නාවූ, නැවත නොඑන්නාවූ හුළගක් බවත් සිහිකල සේක.
කීවරක් ඔවුහු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරලි ගසුවෝද? කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද?
ඔවුහු නැවත හැරී දෙවියන්වහන්සේ පරික්ෂා කළෝය. ඉශ්රායෙල් ගේ ශුද්ධ තැනැන්වහන්සේ උදහස් කළෝය. ඔවුහු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්, මිශර දේශයේදී ස්වකිය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්ය ක්‍රියා කළහැටිවත්, සිහි නොකළෝය.
බොන්ට බැරිසේ උන්වහන්සේ ඔවුන්ගේ ගංගා ද, දිය පාරවල්ද ලේ කළසේක. උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රන්චුද, විනාශ කරන මැඩියන්ද යැවුසේක. ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළගැටියන්ටත් දුන්සේක. ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද, අත්තික්කා ගස් හිම වලින්ද විනාශ කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිවුපා රැලවල් හෙණ ගින්නටත් පාවා දුන්සේක. උන්වහන්සේ විපත්තිදායක දුත සමුහයක්වන දැඩි රෝගය සහ උදහසත්, කෝපය සහ දුකත් ඔවුන් පිට හෙලුසේක. උන්වහන්සේ ස්වකිය කෝපයට මාවතක් සැදු සේක. ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා ඔවුන්ගේ ජීවිතය වසංගතයට භාරකළ සේක. හාම්ගේ කුඩාරම්වල සිට ඔවුන්ගේ ශක්තියේ ප්‍රථම ඵලවූ මිශරයේ සියලු කුළුදුලන්ට පහර දුන්සේක.
නුමුත් උන්වහන්සේ ස්වකිය සෙනග බැටළුවන් සේ පිටතට ගෙනගොස්, බැටළු රැලක්සේ වනාන්තරයේදී ඔවුන්ට මඟ පෙන්වූසේක. උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙනගිය බැවින් ඔවුහු භය නුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තෝය. උන්වහන්සේ ස්වකීය ශුධස්ථානයේ සීමාවට, එනම් තමන් දකුණතින් ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක. ඔවුන් ඉදිරියෙන් ජාතින් එලවා, ලණුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී ඔවුන්ගේ කුඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් වාසය කෙරෙවුසේක.
එසේවී නුමුත් ඔවුහු මහෝත්තමයාණන් වූ දෙවියන්වහන්සේ පරික්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසුවෝය. උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය. තුමුන්ගේ පියවරුන් මෙන් ඔවුහු ආපසු හැරී ද්‍රෝහී ලෙස ක්‍රියා කළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය. මක්නිසාද ඔවුන් තමුන්ගේ උස්තැන් වලින් උන්වහන්සේ කෝපයට පැමිනෙව්වෝය. තමුන්ගේ කැපු රූප වලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
දෙවියන්වහන්සේ මේ අසා උදහස් වූසේක. ඉශ්රායෙල් ඉතා පිළිකුල් කලසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යන් අතරේ තමන් පිහිටවූ කුඩාරම වන ශිලෝහි මණ්ඩපය අතහැර දමා ස්වකිය ශක්තිය වහල් කමටත්, ස්වකිය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක. ස්වකිය සෙනග කඩුවට භාරදුන් සේක. ස්වකිය උරුමයට උදහස් වුසේක. ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කලේය. ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය. ඔවුන්ගේ පුජකයෝ කඩුවෙන් වැටුනේය. ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුනෝය.
එවිට ස්වාමින්වහන්සේ නින්දෙන් පිබිදී අයෙකුමෙන්ද මුද්‍රික පානය බී ගෝෂා කරණ බලවන්තයෙකු මෙන් පිබිදී සේක. උන්වහන්සේ තමන්ගේ එදිරි කාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක. උන්වහන්සේ යෝසේප්ගේ කුඩාරම එපා කළසේක. එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක. නුමුත් යුදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද තෝරාගත්සේක. උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටවූ පොළොව මෙන්ද, ස්වකිය ශුද්ධස්තානය ගොඩ නැගු සේක.
උන්වහන්සේ ස්වකිය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන බැටළු ගාල්වලින් ඔහු ගත්සේක. උන්වහන්සේ තමන්ගේ සෙනග වූ යාකොබ් සහ ස්වකිය උරුමයවූ ඉශ්රායෙල් පෝෂණය කරන පිණිස කිරිදෙන බැටළු දෙණුන් අනුව යාමෙන් ඔහු ගත්සේක. මෙසේ ඔහු තමාගේ සිත සත්‍යතාවෙන් ඔවුන් පෝෂණය කළේය. තමාගේ අත්වල සමර්තකමින් ඔවුන්ට මග පෙන්විය".
-ගීතාවලිය 78: 1- 39.
78 වැනි ගීතාවලිය, අතීතයේ විසූ දෙවියන්වහන්සේගේ සෙනග උන්වහන්සේ හා සමග ක්‍රියාකළ ආකාරය මතක් කරදෙයි. ඔවුන් දෙවියන්වහන්සේ හා බැඳගත් පොරොන්දු සහ කොන්දේසින් දිගින් දිගටම කඩකරමින්, තමුන්ගේම කැමැත්තට අනුව දෙවියන්වහන්සේ සුළු කරමින් ජිවත්වූ බැවින් බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීමට උන්වහන්සේ ඉඩහැරිය බව පෙන්වාදෙයි.
වර්තමානයේ ජිවත්වන අපත් ඔවුන් මෙන් වන්නේ නම්, එයින් ලැබෙන ඵල විපාකයද ඒ හා සමාන වෙයි. එනිසා අපගේ ජිවිත වලට නැවත හැරී සෝදිසියෙන් බලා වැරදි හරිගස්සා ගැනීමට පසුතැවිලිවි උන්වහන්සේ වෙතට එන්නේ නම්, උන්වහන්සේ එදා ඉශ්රායෙල් සෙනග ගැන අනුකම්පාවෙන් බලා නැවත ආශිර්වාද කළ අයුරින් අපටද ආශීර්වාද කිරීමට තරම් කරුණාවන්තව සිටියි.
කිරි දෙන බැටළු දෙනුන් අනුව යමින් ජීවිකාව ගෙනගිය යාකොබ්, තම අතීත ජීවිතයෙදී ගත් ආර්ත්මාර්තකාමි තීරණ ගැන පසුතැවිලිවී, කනගාටුව ඒවායින් හැරී, නැවත ජීවමාන දෙවියන්වහන්සේට තම ජිවිතයේ මුල් තැන දීමේ හේතුවෙන් උන්වහන්සේද ඔහු තෝරාගෙන, ආශිර්වාද කොට ඔහු තුලින් අතිවිශාල ජාතියක් ගොඩ නැගීම තුළින් ඔහු අළුත් පුද්ගලයෙකු ලෙසින් වෙනස් වූ බව පෙනෙයි. අපත් ඔහු මෙන් දෙවියන්වහන්සේට මුල් තැන දෙන්නේ නම්, උන්වහන්සේට අපගේ ජිවිත පවා ගොඩනැගිය හැකිවෙයි.
බැටළුවන් බලා ගත්තාවූ ගොපල්ලෙක් වූ දාවිත් නමැති තරුණයා දෙවියන්වහන්සේට තම ජිවිතයේ පළමු තැන දුන් හේතුවෙන්, උන්වහන්සේද ඔහු පසු කලෙක රජ කෙනෙකු වීමට තරම් මඟ පෙන්වූ බව දැකීම අපටත් බලාපොරොත්තුව ඇතිකරවයි. නුමුත් ආශිර්වාදය ලබාගැනීමට නම් අපත් ඔව්හු මෙන් අවංකව දෙවියන්වහන්සේට අපගේ ජිවිතයේ පළමු තැන දිය යුතු වෙයි.
* උන්වහන්සේ ස්වකිය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන බැටළු ගාල්වලින් ඔහු ගත්සේක.
* උන්වහන්සේ තමන්ගේ සෙනග වූ යාකොබ් සහ ස්වකිය උරුමයවූ ඉශ්රායෙල් පෝෂණය කරන පිණිස කිරිදෙන බැටළු දෙණුන් අනුව යාමෙන් ඔහු ගත්සේක.
ආශිර්වාදය වෙනුවෙන් කළ යුතු වන එකම දෙය වන්නේ දෙවියන්ට පුද පුජා පැවැත්වීම නොව, නුමුත් හදවතින් අවංකව දෙවියන්වහන්සේට කීකරුවීම පමණක් බවත් උන්වහන්සේම ගීතාවලිය පොතෙන් අප සැමට නැවතවාරයක් මතක්කරයි. .
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)